මැදපෙරදිග යුද ගැටුමෙන් දරුවන් 1100ක් මියගොස් හෝ තුවාල ලබයි.!

මේ වනවිට අමෙරිකාව, ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුද්ධය මැදපෙරදිග පුරා වෙසෙන මිලියන සංඛ්‍යාත දරුවන්ට විනාශකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය සඳහන් කරයි.

මෙම යුද ගැටුම් හේතුවෙන් මිලියන සංඛ්‍යාත දරුවන්ට අධ්‍යාපනය අහිමි වී ඇති අතර නොනවත්වා එල්ල වන බෝම්බ ප්‍රහාර හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් වී සිටින බවද සඳහන් කරයි.

පසුගිය පෙබරවාරි (28) වනදා සිට මේ දක්වා පැවති ප්‍රචණ්ඩ ක්‍රියාවලින් දරුවන් 1,100කට වැඩි පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇති බව වාර්තා වී ඇති බව එම සංවිධානය සඳහන් කරයි.

ප්‍රහාර හේතුවෙන් මියගිය දරුවන් අතර ඉරානයේ 200ක්, ලෙබනනයේ 91ක්, ඊශ්‍රායලයේ සිව්දෙනෙක් සහ කුවේට් රාජ්‍යයේ එක් දරුවෙකු සිටින බව සඳහන් වේ.

මෙම යුද්ධය තව තවත් ප්‍රචණ්ඩ වීමත් සමඟ මෙම මියගිය සංඛ්‍යා තවදුරටත් ඉහළ යනු ඇති බවට යුනිසෙෆ් සංවිධානය අනතුරු අඟවා ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments