බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසට වෙඩි වරුසාවක්.!

අද (07) අලුයම 1:25ට පමණ ජා ඇල පොලිස් වසමේ අංක 05, ශාන්ත ආනා පාර, වැලිගම්පිටිය ලිපිනයේ පිහිටි නිවස ඉලක්ක කරමින් මෙම වෙඩි තැබීමක් සිදුකර ඇත.

ජා ඇළ ප්‍රදේශයේදී ‘බටුවත්තේ චාමරගේ’ බිරිඳගේ නිවසට මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර එම වෙඩි තැබීමේදී වෙඩික්කරුවන් විසින් අසල පිහිටි තවත් නිවාස දෙකකට වෙඩිතබා පලාගොස් ඇත.

‘බටුවත්තේ චාමර’ යන අයගේ බිරිඳ වන චතුරිකා වීරසූරියගේ නිවසට යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු විසින් T56 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අදාළ නිවසට සහ තවත් නිවාස දෙකකට වෙඩික්කරුවන් විසින් වෙඩි ප්‍රහාර 23ක් පමණ එල්ල කර ඇත.

බටුවත්තේ චාමරගේ බිරිඳ මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සිටින අතර මෙම නිවස දැනට මාස 02ක පමණ සිට වැඩිහිටි නිවාසයක් සඳහා මාසිකව රු. 125,000සක මුදලට කුලියට ලබාදී ඇත.

මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී මෙම නිවසේ වැඩිහිටියන් 9 දෙනෙකු සහ සාත්තු සේවිකාවන් 4 දෙනෙකු සිට ඇති බව වාර්තා වේ.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments