අපේ සලේ අත්අඩංගුවට අරන්.!

ඉරාන දෙවැනි නැව බේරාගැනීම සම්බන්ධව ආණ්ඩුවට ස්තුතිවන්ත වන බවත් අපි බොරදියේ මාළු බාන්නේ නැති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කරයි.

මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (06) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,

“අද හදිසි නීතිය මොකටද.. දැන් මේ අපේ සලේ අත්අඩංගුවට අරන් තියෙනවා. මහ මොළකාරයෝ කීදෙනෙක් හිටියද ආරක්ෂක ඇමතිතුමා. මහ මොළකාරයෝ ඉන්නවා දැන් බෝම්බ පුපුරපු දවසේ ඉදන්.

දප්පුල ලිවේරා මොනවද කීවේ. දප්පුල ලිවේරා නීතිපති හැටියට හිටියා ගෝඨාභය ආණ්ඩුව කාලේ. ගෝඨාභයට කිවුවා අවුරුද්දක දීර්ඝයක් දෙන්න කියලා. අවුරුද්දක දීර්ඝයක් දෙන්න කියලා කිවුවා දප්පුල ලිවේරාට.

දප්පුල ලිවේරාට අවුරුද්දක දීර්ඝයක් දෙන්න බෑ කියපු හින්දා තමයි අවසාන මොහොතේදී නීතිපති දප්පුල ලිවේරා කියලා ගියේ මහ මොළකාරයෙක් ඉන්නවා කියලා.”

2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments