විදෙස් සංචිත ඩොලර් බිලියන 6.82ක් දක්වා ඉහළට.!

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම පසුගිය 2025 දෙසැම්බර් මාසය අවසන් වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 6,825ක් දක්වා ඉහළ ගොස් ඇති බව නවතම මහ බැංකු දත්ත වාර්තා සඳහන් කරයි.

පසුගිය 2025 නොවැම්බර් මාසය අවසානයේ වාර්තා වූ ඩොලර් මිලියන 6,034ක සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේදී 13.1%ක ඉහළ යාමක් බවද සඳහන් කරයි.