07
Jan
ඊයේ (06) රාත්‍රියේ සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුනේ අමෙරිකා එක්සත් ජනපද වෙළෙඳපොළ සඳහා වෙනිසියුලා රජය විසින් බොර තෙල් බැරල් මිලියන 30 සිට 50 දක්වා ප්‍රමාණයක් අලෙවි කිරීමට එකඟ වී ඇති බවයි. . වෙනිසියුලා අන්තර්වාර රජයේ බලධාරීන් විසින් සම්බාධක පනවා ඇති බොර තෙල් මෙලෙස අමෙරිකාවට භාරදෙන බව ට්‍රම්ප් මෙහි වැඩිදුරටත් සඳහන් කර තිබේ. එමෙන්ම එම බොර තෙල් අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම අමෙරිකාව විසින් පාලනය කරනු ඇති අතර, එය වෙනිසියුලා ජනතාව සහ අමෙරිකාව යන දෙපාර්ශ්වයටම ප්‍රයෝජනවත් වන ලෙස භාවිත කරන බවද ඔහු සඳහන් කළේය. මෙම සැලැස්ම ක්ෂණිකව ක්‍රියාත්මක කරන ලෙස බලශක්ති අමාත්‍ය ක්‍රිස් රයිට්ට…
