Foreign news

ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය.!

ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය.!

මෑත ඉතිහාසයේ සිදු වූ දරුණුතම ස්වභාවික විපත් වලින් එකක් වන දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවූ අධික වර්ෂාව, හදිසි ගංවතුර සහ නායයෑම් තත්ත්වයක් රට පුරා ඇති විය. එමඟින්, ජීවිත හානි, ප්‍රජාවන් අවතැන් වීම, ජීවනෝපායන් විනාශ වීම සහ අත්‍යවශ්‍ය පොදු පහසුකම් විනාශ වීම මෙන්ම කෘෂිකාර්මික ඉඩම් ද විනාශයට පත්විය. එම තත්ත්වය යටතේ රට යළි ගොඩ නැගීම සඳහා ප්‍රමුඛතාව ලබා දිය යුතු වන අතර, ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ සිට දිගු කාලීන මැදිහත් වීම දක්වා පුළුල් රාමුවක් තුළ පියවර ගත යුතුව ඇත. එමෙන්ම ද්වීපාර්ශ්වික සහ බහු පාර්ශ්වික සංවර්ධන හවුල්කරුවන්, ණය ලබා දෙන ආයතන සහ ලාභ අරමුණු කර නොගත් සංවිධාන ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව දැනටමත් ක්ෂණික මැදිහත්වීම් ආරම්භ කර ඇත. …
Read More
ආපදාවෙන් පසු ශ්‍රී ලංකාවේ ජන ජීවිතය යථාවත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩ අරඹයි.!

ආපදාවෙන් පසු ශ්‍රී ලංකාවේ ජන ජීවිතය යථාවත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩ අරඹයි.!

අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා පැවසුවේ, දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම දියත් කළ බවයි. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව අංශ හතක් ආවරණය වන පරිදි ප්‍රමුඛතා ලැයිස්තුවක් මේ වෙනුවෙන් සකස් කර තිබේ.   මේ සඳහා ඉදිරි මාස 04ක කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 35ක පමණ වියදමක් දැරීමට සිදුවනු ඇති බව මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා වැඩිදුරටත් කියා සිටියේය. ඒ අනුව ඉදිරි මාස හතර තුළ අමෙරිකානු ඩොලර් මිලියන…
Read More
මත්පැන් බලපත්‍ර ගාස්තු 100%කින් ඉහළට.!

මත්පැන් බලපත්‍ර ගාස්තු 100%කින් ඉහළට.!

ජනාධිපතිවරයා විසින් පසුගිය 05 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවට අනුව සියලු‍ම මත්පැන් බලපත්‍ර ගාස්තු අද (12) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි සියයට සියයකින් පමණ ඉහළ දමා තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර එහි දැක්වුණේ වාර්ෂික සුරාබදු ගාස්තුව, ආරක්ෂිත ඇප තැන්පතු මුදල, කර්මාන්ත ප්‍රවේශය සඳහා එක්වරක් අයකරනු ලබන ගාස්තුව මේ යටතේ ඉහළ දමා ඇති බවයි.
Read More
අත්අඩංගුවට ගත් අශෝක රන්වලට ඇප.!

අත්අඩංගුවට ගත් අශෝක රන්වලට ඇප.!

අත්අඩංගුවට ගත් හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල ලක්ෂ 02ක ශරීර ඇපයක් මත මුදා හැර ඇත. මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය ජාතික රෝහලට පැමිණ සැකකරු පරික්ෂා කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරි බව වාර්තා වේ. ඒ අනුව මීට අදාළ නඩුව එළඹෙන (19) වැනිදා කැඳවීමට නියමිතය.
Read More
අයථා ලෙස ලක්ෂ 360ක වත්කම් උපයාගත් හිටපු සභාපති ඇතුළට.!

අයථා ලෙස ලක්ෂ 360ක වත්කම් උපයාගත් හිටපු සභාපති ඇතුළට.!

රුපියල් ලක්ෂ 360කට අධික වත්කම් සහ දේපොළ අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් සැකපිට බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සිරිල් මුණසිංහ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්තේය. රුපියල් ලක්ෂ 360කට අධික වත්කම් සහ දේපොළ අයථ ලෙස අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි සැකපිට අත්අඩගුවට ගත් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන විසින් සැකකරු ලබන (22) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝගය කළේය.
Read More
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ගබඩා සංකීර්ණය පරික්ෂා කරයි.!

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ගබඩා සංකීර්ණය පරික්ෂා කරයි.!

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) අද (12) දින, ආපදා සහන ආධාර ගබඩා කිරීමේ සහ ඛෙදාහැරීමේ ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමේ අරමුණින් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය (NDRSC) විසින් මෙහෙයවනු ලබන ඔරුගොඩවත්ත ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් එම මධ්‍යස්ථානයේ සැපයුම් සම්බන්ධීකරණ කටයුතු විමසා බැලූ අතර, ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ප්‍රදේශ වෙත අත්‍යවශ්‍ය සහන සැපයුම් යැවීමේ ක්‍රියාවලිය නිරීක්ෂණය කළේය. ඔහු එම මධ්‍යස්ථානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව, සැපයුම් මෙහෙයුම් තවදුරටත් විධිමත් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය. භාණ්ඩ හැසිරවීමේ ක්‍රියාවලිය තුල පවතින දෝෂ අවම කිරීම සහ නිරවද්‍යතාවය සහතික කිරීම සඳහා, මෙරටට ලැබෙන සියලු ආධාර තොග ගුවන්තොටුපළේදී හෝ…
Read More
නායයෑම් රතු නිවේදන නිකුත් කරයි.!

නායයෑම් රතු නිවේදන නිකුත් කරයි.!

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 02ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇත. ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇත. මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, ගඟ ඉහළ කෝරළේ, දොළුව, පන්විල, දෙල්තොට, උඩුදුම්බර, මිනිපේ සහ උඩපළාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇත. මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ, හාරිස්පත්තුව, උඩුනුවර, යටිනුවර, පූජාපිටිය, පස්බාගේ කෝරළේ, කුණ්ඩසාලේ, හතරලියැද්ද, පාතහේවාහැට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, බදුල්ල, කන්දෙකැටිය, බණ්ඩාරවෙල, සොරණතොට, හාලිඇල, මීගහකිවුල, ලුණුගල, වැලිමඩ, හල්දුම්මුල්ල, පස්සර, ඇල්ල සහ හපුතලේ…
Read More
රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් දීමනාවක්.!

රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් දීමනාවක්.!

රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් දීමනාවක් ලබාදීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය තීරණය කර ඇත. ඒ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ආලෝක බණ්ඩාරගේ අත්සනින් චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දෙන්නේ, රුපියල් 4000 කට නොවැඩි විශේෂ අත්තිකාරම් දීමනාවක් එලෙස ලබාදෙන බවයි. රාජ්‍ය නිලධාරීන්ට අත්තිකාරම් ගිණුමෙන් ගෙවනු ලබන උත්සව අත්තිකාරම් හෝ වෙනත් අත්තිකාරම් වලට එය අදාළ වන්නේ නැති අතර 2026 වසරේ ජනවාරි පළමු වැනිදා සිට පෙබරවාරි (28) වැනිදා දක්වා ගෙවීම් කළ හැකිය. සමාන මාසික කොටස් 10කින් වර්ෂයකට 8% බැගින් වූ පොලියක් සහිතව එය අය කරගත යුතු බව, අදාළ චක්‍රලේඛයේ දැක්වේ.
Read More