13
Dec
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති තිලක් හේවාවසම් මහතා පැවසූවේ ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් ගංවතුරට හසුවූ කොළඹ තදාසන්න ප්‍රදේශවල එක්රැස්වී ඇති කසළ දින 10ක් පමණ කාලයක් ඇතුළත සම්පූර්ණයෙන්ම ඉවත්කිරීමට අපේක්ෂා කරන බවයි. ඒ මහතා පෙන්වා දුන්නේ කොළොන්නාව ප්‍රදේශයේ පමණක් ටොන් 8,000ක පමණ මිශ්‍ර කසළ එක්රැස්වී ඇති බවත්ය, ඒවා දින 2කින් පමණ ඉවත්කිරීමට හැකිවනු ඇති බවත්ය. ඊට අමතරව කොටිකාවත්ත, මුල්ලේරියාව වැනි ප්‍රදේශවල ටොන් 10,000ක, 12,000ක පමණ කසළ එක්රැස්වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. “මේ වනවිට බස්නාහිර පළාත් අධිකාරිය විසින් දිනකට ලොරි 100ක් විතර යොදවලා ඉතාමත් සාර්ථක මෙහෙයුමක් කරනවා. මං හිතන්නේ ඔවුන් දින 10ක් විතර කාලයේදී මේ සියල්ලම ඉවරකරයි. නමුත් මේ කසළ ජනනය වන එක…
