For your attention

රටම බලාසිටි ගැසට් නිවේදනයක් නිකුත් කරයි.!

රටම බලාසිටි ගැසට් නිවේදනයක් නිකුත් කරයි.!

By Reporter.lk on (LK time) ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යයන් සහ රාජකාරි පවරාදෙමින් අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම සඳහා විධිවිධාන සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ (නිශ්චිත වගන්ති කිහිපයක් හැර) සෙසු ප්‍රතිපාදන 2026 මාර්තු (09) වන දින සිට බලාත්මක වන අතර එමඟින් ලංකා විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවනු ඇත. මෙම ගැසට් පත්‍රයට අනුව විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම සඳහා විධිවිධාන සලසා ඇත.
Read More
මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන් ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්.!

මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන් ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්.!

By Reporter.lk on (LK time) මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය. ඒ අනුව මැදපෙරදිග රටවල රැකියාවල නිරත වී සිටින ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව පහතින්.. කුවේට් රාජ්‍යයේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් ගණන තුන්ලක්ෂ විසිදෙදාහස් හාරසිය තිස් හතයි. සෞදි අරාබියේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් ගණන දෙලක්ෂ හතලිස්දෙදාහස් පන්සිය අනූ තුනයි. කටාර් රාජ්‍යයේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් ගණන දෙලක්ෂ තුන්දහස් එකසිය අසූ දෙකයි. එක්සත් ආරබි එමිර් රාජ්‍යයේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් ගණන එක්ලක්ෂ හැත්තෑදහස් හාරසිය හැට අටයි. ඕමානයේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් ගණන තිස්හයදාස් අටසිය දොළහයි. ඊශ්‍රායලයේ රැකියාවල නිරත ශ්‍රී…
Read More
ලාෆ්ස් ගෑස් සමාගමෙන් නිවේදනයක්

ලාෆ්ස් ගෑස් සමාගමෙන් නිවේදනයක්

By Reporter.lk on (LK time) සිය සමාගම මඟින් ආනයනය කරන ලද නව ගෑස් තොගයක් අද දිවයිනට ළඟා වූ බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරයි. ඒ අනුව, අද දින සිට එම ගෑස් තොගය වෙළඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති අතර, ගෘහස්ථ පාරිභෝගිකයන්ට සාමාන්‍ය පරිදි සිය අලෙවි නියෝජිත ජාලය හරහා ගෑස් සිලින්ඩර් මිලදී ගැනීමේ හැකියාව පවතින බව ද සමාගම පෙන්වා දෙයි. පසුගිය දින කිහිපය තුළ වෙළඳපොළේ ලාෆ්ස් ගෑස් හිඟයක් පැවති අතර, එම තත්ත්වය හේතුවෙන් ලිට්‍රෝ ගෑස් සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිවිය. ඒ සමඟම දින කිහිපයක් ලිට්‍රෝ ගෑස් සැපයුම ද සීමා වීමෙන් වෙළඳපොළ තුළ එහි හිඟයක් ද දක්නට ලැබුණි. නව ගෑස් තොගය…
Read More
78 වන නිදහස් දිනය අදයි.!

78 වන නිදහස් දිනය අදයි.!

78 වන අභිමානවත් නිදහස් දිනය අද (04) දිනට යෙදී ඇත. “ගොඩනගමු ශ්‍රී ලංකා” යන තේමාව යටතේ පැවැත්වෙන 78 වන නිදහස් දින සැමරුම අද (04) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රදානත්වයෙන් අභිමානවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇත. කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්වෙන අතර දේශපාලන නියෝජිතයින්, ආරාධිතයන්, දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් මෙම උත්සවයට එක්වීමට නියමිතය. සංහිදියාව, සංස්කෘතිය, ආගමික හා ජාතික වශයෙන් වැදගත්කම පිළිඹිබු වන අයුරින් උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇත. 78 වන ජාතික දින සැමරුම් උළෙලේ ආචාර වෙඩිමුර උත්තමාචාරය අද (04) පෙරවරු 11.30ට ගාලුමුවදොරදී පැවැත්වීමට නියමිතය.
Read More
ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 166ක ආයෝජනයක්.!

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 166ක ආයෝජනයක්.!

IFC හෙවත් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් ශ්‍රී ලාංකික ව්‍යාපාරවලට සහාය වීම සහ ආර්ථික ස්ථායිකරණයේ සිට තිරසාර සංවර්ධනය දක්වා රට සංක්‍රමණය වීම වේගවත් කිරීම සඳහා ඩොලර් මිලියන 166ක ආයෝජනයක් සිදු කිරීමට තීරණය කර ඇත. මෙම ආයෝජනය උපායමාර්ගිකව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වාණිජ පුද්ගලික බැංකු 03ක හරහා ලබා දීමට සැලසුම් කර ඇති අතර ඩොලර් මිලියන 50ක ණයක්, අවදානම බෙදා ගැනීමේ පහසුකම් (RSFs) ඩොලර් මිලියන 80ක් සහ වෙළඳ මූල්‍ය සහාය සඳහා ඩොලර් මිලියන 36ක් මේ සඳහා ඇතුළත් වේ. මෙම පුළුල් මට්ටමේ මූල්‍යකරණ පැකේජය කාන්තාවන් සතු ව්‍යාපාර සහ කෘෂිකාර්මික අංශයේ ව්‍යාපාර සවිබල ගැන්වීම කෙරෙහි වැඩි අවධානය යොමු කරමින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) සඳහා…
Read More
වායු ගුණාත්මකභාවය පහළ යයි.. අහිතකර තත්ත්වයක්.!

වායු ගුණාත්මකභාවය පහළ යයි.. අහිතකර තත්ත්වයක්.!

මෙරට ඇතැම් ප්‍රදේශවල වායු ගෝලයේ ගුණාත්මකභාවයේ පහළ යාමක් නිරීක්ෂණය වූ බවත් එය තරමක අහිතකර තත්ත්වයක් වන බව මධ්‍යම පරිසර අධිකාරි‍යේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන සඳහන් කරයි. මෙම තත්ත්වය ඉදිරි දින 02 තුළ පහව යනු ඇතැයි අපේක්ෂා කරන බවත් අන්තර් දේශසීමා අතර සිදුවන වාතයේ සංසරණය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වන බවද ආචාර්ය අජිත් ගුණවර්ධන සඳහන් කරයි. ඊයේ (18) දිනයේ සිට දිවයිනේ උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණ යන පළාත්වල මෙන්ම රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වල මෙම අගය 150ත් 200ත් අතර අගයක පවතින බවද ආචාර්ය අජිත් ගුණවර්ධන සඳහන් කරයි. වායු ගුණාත්මකභාවය පහළ යාම සංවේදී පුද්ගලයින්ට අහිතකර තත්ත්වයක් විය හැකි අතර හුස්ම ගැනීමේ අපසුතාවයක් හෝ…
Read More
ඉලක්කය ඉක්මවා කප් ගැසූ තැපෑල.!

ඉලක්කය ඉක්මවා කප් ගැසූ තැපෑල.!

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුව වෙත 2025 වර්ෂයට අදාලව ලබාදුන් ආදායම් ඉලක්කය ඉක්මවා ආදායම් ඉපයීමට සමත් වූ බව තැපැල්පති රුවන් සත්කුමාර සදහන් කරයි. මහා භාණ්ඩාගාරය විසින් 2025 වර්ෂයට ලබාදුන් ආදායම් ඉලක්කය ඉක්මවා රුපියල් මිලියන 13,100ක ආදායමක් උපයා ඇති බවද තැපැල්පති රුවන් සත්කුමාර සදහන් කරයි. පසුගිය වර්ෂයේදී තැපැල් දෙපාර්තුමේන්තුවට එම සේවාවට අදාලව විවිධ වෘත්තීන් සදහා නව බදවා ගැනීම්, ස්ථීර කිරීම් රාශියක් සිදුකළ බවද තැපැල්පති රුවන් සත්කුමාර සදහන් කරයි. ශ්‍රී ලංකා තැපැල් සේවාවේ උප තැපැල් ස්ථානාධිපතිවරුන් 378ක් සදහා ස්ථීර පත්වීම් ලබා දීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ බවද තැපැල්පති රුවන් සත්කුමාර සදහන් කරයි.
Read More
Duplicate සෙව්වන්දි රිමාන්ඩ්.!

Duplicate සෙව්වන්දි රිමාන්ඩ්.!

අද (07) කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියට ආධාර අනුබලදීම සහ නවාතැන් පහසුකම් සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටි නන්ද කුමාර් තක්ෂි සහ තවත් සැකකරුවෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවට පමුණුවනු ලැබීය. එහිදී අදාළ සැකකරුවන් ජනවාරි මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
Read More
රිච්ටර් මාපක 6.7ක ප්‍රභල භූකම්පනයක්.!

රිච්ටර් මාපක 6.7ක ප්‍රභල භූකම්පනයක්.!

පිලිපීනයේ රිච්ටර් මාපක 6.7 ප්‍රබලත්වයෙන් යුත් ප්‍රබල භූකම්පනයක් සිදුව ඇතැයි අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. පිලිපීනයේ බකූලින් නගරයෙන් කිලෝමීටර් 68ක් නැගෙනහිර දිශාවට පිහිටි මුහුදු ප්‍රදේශයේ මෙම භූකම්පනය හටගෙන ඇති බව වාර්තා වෙයි. භූකම්පනය සිදුව ඇත්තේ පොලොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් බවද වාර්තා වේ. කෙසේ වෙතත්, මේ වන විට භූකම්පනයෙන් සිදුවූ හානි හෝ ජීවිත හානි පිළිබඳ කිසිදු වාර්තාවක් ලැබී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.
Read More
ඕනෑම ආපදාවකට මුහුණ දීමට සියලු කටයුතු සූදානම්.!

ඕනෑම ආපදාවකට මුහුණ දීමට සියලු කටයුතු සූදානම්.!

පවතින වැසි තත්ත්වය හමුවේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර ඇත. තවද බදුල්ල, මාතලේ සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහාද නායයෑම් පුර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර සඳහන් කරයි. මේ අතර ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම ආපදාවකට මුහුණ දීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු කටයුතු සූදානම් කර ඇති බව එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කරයි.
Read More