බිහිසුණු අනතුරක්.. බස් දෙකක් සහ ලොරියක් ගැටෙයි.!

අද (09) දින පස්වරුවේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල, පල්පාත ප්‍රදේශයේදී බස් රථ දෙකක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව ඇත.

මෙම අනතුරින් ලොරි රථයේ රිය සහායකයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර ලොරි රථයේ ගමන් ගත් තවත් පුද්ගලයෙකු සහ බස් රථ දෙකෙහි ගමන් ගත් මගීන් කිහිපදෙනෙකු තුවාල ලබා කෑගල්ල සහ මාවනැල්ල රෝහල් වෙත ඇතුළත් කර ඇත.