By Reporter.lk on (LK time)
පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් කළ වැටලිමකදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ජීව උණ්ඩ 17ක් සමග යුද හමුදා නිල ඇඳුම් කට්ටල සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු හිඟුරක්ගොඩදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හිඟුරක්ගොඩ, කිඹුලාවල ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක පුද්ගලයෙකි.
මේ අතර කම්හලක් මුවාවෙන් ගිනි අවි නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු වැල්ලවාය ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සතුව තිබී මෙරට නිෂ්පාදිත ෂොට්ගන් එකක්, ටී කටස් ගිනි අවි දෙකක්, ජීව උණ්ඩ 12ක්, නැවත පුරවන ලද උණ්ඩ 07ක් හා ගිණි අවි නිෂ්පාදනය සඳහා යොදාගන්නා තවත් උපකරණ සොයාගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය, නුගේයාය ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 61ක පුද්ගලයෙක් වන අතර ඔහු විවිධ පුද්ගලයන්ට නිෂ්පාදිත ගිනි අවි ලබාදීම සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.





