මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග ඝාතනය, තාජුඩීන් ඝාතනය, පාස්කු ප්‍රහාරය සහ සිරස මාධ්‍යයට එල්ල කල ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ සිදු කරමින් පවතින බව ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.
අමාත්‍ය බිමල් රත්නායක අද (09) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,
“අපි දන්නවා දැන් මාධ්‍යවේදින් ඝාතනය. ලසන්ත වික්‍රමතුංග ඝාතනය තියනවා. පරීක්ෂණ යනවා. අවුරුදු 17කට කලින් වෙච්ච. සිරසට ගහපු එක තියනවා. පරීක්ෂණ යනවා. අවුරුදු 17ක් පරණයි.
පාස්කු ප්‍රහාරය තියනවා. අවුරුදු 7ක් පරණයි. තාජුඩීන් ඝාතනය තියනවා අවුරුදු 10ක් 15ක් පරණයි. මට දැන් අර විනාඩි 10කට කලින් මට ඒ වෙඩි සුවද දැනුනා. ඒ ගඳ දැනුනා මීට කලින් කරපු කතාව එක්ක.
ඝාතකයාගේ ඒ වෙඩි සුවද මට දැනුනා. ඒ නිසා දැන් මේ වගේ පරීක්ෂණ ගොඩක්. මහ බැංකු මංකොල්ලය, පාස්කු ප්‍රහාරය. මේ වගේ ගොඩක් යනවා. ඊට අමතරව තවත් වෙච්ච සිවිල් අපරාධ ඒවත් තිබෙනවා. දුෂණ වංචා ඒවත් තියෙනවා.
දැන් අධිකරණය මොකක්ද කරමින් ඉන්නේ. දැන් අධිකරණය කරන්නේ, පරීක්ෂණ කරමින් යනවා. එතකොට දැන් කවුද මේ පරීක්ෂණ වලට ලක් වෙන්නේ.?
පරීක්ෂණ වලට ලක් වෙන්නේ මීට අවුරුද්දකට කලින් පසුගිය අවුරුදු 20, 25හේ මේ රට පාලනය කරපු දේශපාලන නායකයෝ, සමහර නිලධාරීන්, ජනාධිපතිලා, අගමැතිලා, කැබිනට් ඇමතිවරු, මන්ත්‍රීවරු. ඒගොල්ලෝ තමයි මේකට ලක් වෙන්නේ.”
