බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරයට.!

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු ස්වාමීන්වහන්සේ සිව් නමක් සහ පුද්ගලයින් 5 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ත්‍රිකුණාමලය විහාරස්ථානයක තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීමට උත්හාස කිරීමත් සමග පසුගිය වසරේ නොවැම්බර් (16) වනදා එහි නොසන්සුන්තාවයක් හටගෙන තිබුණි.

මෙම සිද්ධියට අදාළව ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙන නඩුවකට අදාළ පාර්ශ්වයන් කැඳවා තිබූ අතර එහිදී මෙම පිරිස ජනවාරි මස (19) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments