රාජ්‍ය ආයතන වලට අදාල විගණන වාර්තා 60ක් සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු විගණන වාර්තා 70ක් පමණ ඉදිරිපත් කිරීම ප්‍රමාද වී ඇතැයි වාර්තා වේ.
තව විගණකාධිපතිවරයෙක් පත් නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති අතර පසුගිය 2025 වසරට අදාල ප්‍රධාන විගණන වාර්තාව පිළියෙල කිරීම ආරම්භ කිරීම ප්‍රමාද වීමේ අවදානමක් මතුව ඇති බවද වාර්තා වේ.
විගණන වාර්තා ඉදිරිපත් වීම නැවතීම හේතුවෙන් විමර්ශන කරන පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ‘කෝප් කමිටුව’ සහ රජය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ‘කෝපා කමිටුව’ කටයුතු මුළුමනින්ම නැවතී ඇත.
