රුපියල් කෝටි 9ක් පමණ වැය කර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කුඩා හා මධ්‍ය පරිමාණ ගොවීන්ගේ සහ ක්ෂේත්‍ර භෝග වගාකරුවන්ගේ බෝග ගබඩා කිරීම සඳහා ඉදිකළ ගබඩා 11ක් ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත පවරාදී තිබුණද ඒවා භාවිත කර නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
ලෝක බැංකු ආධාර යටතේ බෝග ගබඩා කිරීම සඳහා රුපියල් කෝටි නවයක් පමණ වැය කරමින් දිස්ත්‍රික්ක හයක මේවා ඉදිකර ඇති බවත් අවශ්‍යතා හඳුනා ගැනීමෙන් තොරව ඉදිකිරීම හේතුවෙන් මේවා වල් බිහි වී ඇති බවද සඳහන් වේ.
අනුරාධපුර මැදවච්චිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ රුපියල් ලක්ෂ 24කට වැඩි මුදලක් වැය කර ඉදිකරන ලද ගබඩාවේ කටයුතු තවදුරටත් අවසන් කර නොතිබුණු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
