අමෙරිකානු මෙහෙයුමේදී කියුබානු ජාතිකයින් 32ක් ජීවිතක්ෂයට.!

අමෙරිකානු හමුදාව විසින් වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මධුරෝ අල්ලා ගැනීමේ මෙහෙයුමේදී කියුබානු පුරවැසියන් 32ක් ජීවිතක්ෂයට පත්වූ බව කියුබානු රජය සඳහන් කරයි.

මෙම මෙහෙයුමේදී කියුබානු පුරවැසියන් 32ක් ජීවිතක්ෂයට පත්වීමට ශෝකය පළ කරමින් කියුබාව තුළ අද (05) සහ හෙට (06) දින ජාතික ශෝක දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කර ඇත.

මෙම ක්‍රියාව ආක්‍රමණශීලි සහ රාජ්‍ය ත්‍රස්තවාදයේ අපරාධකාරී ක්‍රියාවක් ලෙස තමන් දකින බව කියුබානු රජය චෝදනා කරයි.