ලංකාවේ සිටින අමෙරිකානු පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්.!

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ලංකාවේ සිටින අමෙරිකානු පුරවැසියන් සඳහා විශේෂ දැනුම්දීමක් නිකුත් කර ඇත.

කටුනායක ගුවන්තොටුපොළේ කටයුතු සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වන නමුත් මැදපෙරදිග කලාපයේ ගුවන් මාර්ග වසා දමා තිබීම හේතුවෙන් ලෝක ගුවන් ගමන් තවමත් දැඩි ලෙස බාධා වී ඇති බව සඳහන් කරයි.

එනිසා මැදපෙරදිග හරහා නොයන වාණිජ ගුවන් ගමන් කිහිපයක් භාවිතා කළ හැකි බවත් ගුවන් ගමන් ප්‍රමාදය හෝ අවලංගු වීම පිළිබඳව තම ගුවන් සමාගම සමඟ සෘජුව සම්බන්ධ විය යුතු බවද දැනුම්දී ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ සිටින සංචාරකයන්ට විකල්ප පිටත්වීම් සැලසුම් කර ගැනීමට අවස්ථාව ලබාදෙමින් දින 14ක නොමිලේ වීසා දිගුවක් ලබාදීමට ශ්‍රී ලංකා රජය පියවර ගත්තේය.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments