වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අල්ලා ගැනීමට හේතු වූ හමුදා මෙහෙයුමක් අමෙරිකාව විසින් සිදු කිරීමෙන් දිනකට පසු, එරට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ කියුබාවට අනතුරු ඇඟවීමක් කර ඇත.
අමෙරිකානු ආධිපත්‍යය නැවත ස්ථාපිත කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ ඊළඟ ඉලක්කය කියුබාව විය හැකි බවට එරට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අනතුරු ඇඟවීමක් කර ඇත.
රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සඳහන් කළේ,
“මේ සම්බන්ධයෙන් අපගේ අනාගත පියවර මොනවාද සහ අපගේ ප්‍රතිපත්ති මොනවාද යන්න ගැන මම ඔබ සමඟ කතා නොකරමි. නමුත් අපි කියුබානු පාලන තන්ත්‍රයේ විශාල රසිකයන් නොවන බව අභිරහසක් යැයි මම නොසිතමි, ඔවුන් මදුරෝට සහාය දුන් අයයි.”
