කැනඩාවට 100%ක තීරුබදු.. ට්‍රම්ප් අනතුරු අඟවයි.!

කැනඩාවට 100%ක තීරුබදු පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.

යම් හෙයකින් චීනය සමග කැනඩාව වෙළෙඳ ගිවිසුමක් අත්සන් කරන්නේ නම් එක්සත් ජනපදයට පැමිණෙන සියලුම කැනේඩියානු භාණ්ඩ හා නිෂ්පාදන සඳහා 100%ක තීරුබදු පැනවීමට සිදුවනු ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කරයි.

චීනය විසින් කැනඩාව පණපිටින් අනුභව කරනු ඇති බවත් ඔවුන්ගේ ව්‍යාපාර, සමාජ ව්‍යූහය සහ සාමාන්‍ය ජිවන රටාව විනාශ කරනු ඇති බවද අමෙරිකානු ජනාධිපතිවරයා කැනඩාවට අනතුරු අඟවා ඇත.

මෙම ගිවිසුම සම්බන්ධව සිය Truth Social හී සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, එම ගිවිසුමෙන් තම රටට අනතුරක් විය හැකි බවයි.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments