අද ඉරානයට දරුණු ප්‍රහාර එල්ල කරනවා.. ට්‍රම්ප් අනතුරු අඟවයි.!

අද (07) දින‍ය තුළදී ඉරානයට ඉතා දරුණු ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවා ඇත.

ඉරානය තම මැදපෙරදිග අසල්වැසියන්ගෙන් සමාව අයැද යටත් වී ඇති බවත් මින් ඉදිරියට ඔවුන්ට වෙඩි නොතබන බවට පොරොන්දු වී ඇති බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

මෙතෙක් කල් ඉලක්ක කිරීමට සලකා නොබැලූ ප්‍රදේශ සහ පුද්ගල කණ්ඩායම්, සම්පූර්ණයෙන්ම විනාශ කිරීම සහ ස්ථිර මරණය ළඟා කරවීම සඳහා මේ වනවිට දැඩි ලෙස සලකා බලමින් පවතින බවද ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

කෙසේ වෙතත්, ඉරානය තම අසල්වැසි රටවලට එල්ල කරන ප්‍රහාර සම්පූර්ණයෙන්ම නතර කර නොමැති අතර ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසලට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ බවට වාර්තා වේ. 

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments