By Reporter.lk on (LK time)
ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකාය, එහි හමුදාවන් සහ පොලීසිය අවි බිම තබා වහාම යටත්වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් දැනුම්දී ඇත.
එසේ කළහොත් ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන බවත් එසේ නොකරන්නේ නම් නියත මරණයකට මුහුණදීමට සිදුවන බවද අමෙරිකානු ජනධිපතිවරයා දැනුම්දී ඇත.
ධවල මන්දිරයේ පැවති උත්සවයකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ,
“මම නැවත වරක් ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකායේ සියලුම සාමාජිකයින්ට, හමුදාවට සහ පොලීසියට ඔවුන්ගේ අවි බිම තබන ලෙස දන්වා සිටිනවා.
එසේ කළහොත් ඔබ සම්පූර්ණ වශයෙන් ආරක්ෂිතයි. නමුත් එසේ නොකළහොත් ඔබට නියත වශයෙන්ම මරණයට මුහුණ දීමට සිදුවනු ඇත. මට ඒක දකින්න අවශ්‍ය නෑ.”





