අමෙරිකානු ජෙට් යානා කිහිපයක් කුවේටයට කඩා වැටෙයි.!

කුවේට් රාජ්‍යයේ ස්ථානගත කර ඇති අමෙරිකානු ගුවන් කඳවුරක් ඉලක්ක කරමින් ඉරානය විසින් මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ප්‍රහාර අතරතුර අද (02) දිනයේදී අමෙරිකානු හමුදා ගුවන් යානා කිහිපයක්ම තම රට තුළට කඩා වැටී ඇති බව කුවේට් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර අලි අල් සලෙම් (Ali Al Salem) අමෙරිකානු කඳවුරේ සිට සැතපුම් හයක් පමණ දුරින්, එක් යානයක එන්ජිම ගිනි ගනිමින් එය පහළට ඇද වැටෙන අයුරු වීඩියෝ දර්ශනවල සටහන්ව ඇත. 

එහි සිටි නියමුවා යානයෙන් ඉවතට පැන ආරක්ෂිතව ගොඩ බැස ඇති අතර පසුව ප්‍රදේශවාසීන් විසින් ඔහුව ආරක්ෂිතව බේරාගෙන ඇති බව වාර්තා වේ.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments