උසස් පෙළ ඉතිරි විෂයන් පැවැත්වෙන්නේ මෙහෙමයි.!

කල්දැමුණු 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභා⁣ගයේ ඉතිරි විෂයන් ගැන විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ දැනුම්දීමක් කර ඇත.

ඒ අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභා⁣ගයේ ඉතිරි විෂයන් එළැඹෙන (12) වනදා සිට යළි ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළාය.

උසස් පෙළ විභාගය එළැඹෙන (12) වනදා සිට ජනවාරි (20) වන දින දක්වා පැවැත්වෙන බවද විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළාය.

ඒ අනුව මධ්‍යස්ථාන 2,086කදී විභාගය පැවැත්වෙන අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325ක් සහ ප්‍රදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 32ක් ක්‍රියාත්මක වේ.