By Reporter.lk on (LK time)
මෙරට ප්‍රදේශ රැසක වායු දූෂණය යළි ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි.
දකුණු ආසියාතික රටවල පවතින වායු දූෂණ තත්ත්වයත් සමග පවතින සුළං රටාව එම තත්ත්වයට හේතු වී ඇති බවද එම ආයතනය සඳහන් කරයි.
මේ හේතුවෙන් සංවේදී පුද්ගලයින් සහ රෝගාබාධ සහිත පුද්ගලයින් අවදානයෙන් කටයුතු කරන ලෙසද එම ආයතනය ජනතාවට දැනුම් දෙයි.





