පස් කන්දක් කඩා වැටී පුද්ගලයින් 3ක් මරුට.!

අහංගම, පැලැස්ස ප්‍රදේශයේ ඉදිකිරිම් වැඩ බිමක සේවය කරමින් සිටි තිදෙනෙකු එම ස්ථානයේ තිබු පස් කන්දක් කඩා වැටීමෙන් ඊට යටවී මියගොස් ඇති බව අහංගම පොලීසිය සඳහන් කරයි.

මෙම ස්ථානයේ විදේශිකයෙකු විසින් සංචාරක නිකේතනයක් ඉදිකරණු ලබන අතර මෙම සේවකයින් එහි කම්කරුවන් ලෙස සේවය කර ඇත.

එම ස්ථානයේ වැඩ කරමින් සිටියදී ඒ අසල ඉහලින් තිබූ පස් කන්දක් කඩා වැටිමෙන් මෙම තිදෙනා පස් කන්දට යටවි ඇති බව පොලීසිය සඳහන් කරයි.