By Reporter.lk on (LK time)
අධිකරණයේ නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට ආසන්න ප්‍රමාණයක් වනාතවිල්ලුව ලැක්ටොවත්ත දහන උඳුනේදී අද (13) දින විනාශ කෙරුණි.
කොළඹ අලුත්කඩේ මහාධිකරණයේ නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය හා මත්පෙති තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ අධිකරණයෙන් අද (13) අලුයම පිටතට ගනු ලැබීය.
ඒ අතර හෙරොයින් කිලෝග්‍රෑම් 40යි ග්‍රෑම් 539ක්, කැතීන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 132ක්, කොකේන් ග්‍රෑම් 55ක් හා මත්පෙති 3,482ක් වූ බව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කරයි.
එම කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේනගේ අධීක්ෂණයෙන් පසු මෙම මත්ද්‍රව්‍ය හා මත්පෙති වනාතවිල්ලුව ලැක්ටොවත්ත දහන උඳුනේදී විනාශ කිරීම සඳහා විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව මධ්‍යයේ රැගෙන යනු ලැබීය.





