දූෂණ චෝදනාවකට අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන මේ වනවිට ඇපමත මුදාහැර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු සැකකරුවන්ට අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඇතැයි අල්ලස් කොමිසම අද (13) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.
මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර විමර්ශන ගොනු අල්ලස් කොමිෂන් සභාව වෙත යොමු කර තිබෙන බවත් එම කටයුතුවල ප්‍රගතිය දැනුම්දීම සඳහා දිනයක් ලබාදෙන ලෙස එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල යළි ජුලි මස (10) වනදා කැඳවන ලෙස නියම කළේය.
අදාළ නඩුකරය කැඳවූ අවස්ථාවේදී ඇපමත මුදා හැර සිටින සැකකාර ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු පිරිස අධිකරණය හමුවේ පෙනී සිටියේය.
