රටේම ජනතාවට අනතුරු ඇඟවීමක්.!

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

ඉදිරි උත්සව සමයත් සමඟ අන්තර්ජාලය හරහා පළ වන වෙළෙඳ දැන්වීම් සම්බන්ධව සැලකිලිමත් වන ලෙසට දැනුම් දී ඇත.

මේ වසරේ ගතවූ මාස දෙක තුළ අන්තර්ජාල වංචා සම්බන්ධ සිදුවීම් කිහිපයක්ම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට වෙත වාර්තා වී ඇති බව එම සංසදයේ ජ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුනුපොල සඳහන් කරයි.

ඉදිරියේ පැමිණෙන උත්සව සමයත් සමඟ, විශේෂයෙන්ම සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය තුළ වට්ටම්, තෑගි මුදල් හෝ විශේෂ ප්‍රවර්ධන ලෙස පෙනෙන ව්‍යාජ වෙළෙඳ දැන්වීම් සහ ලින්ක් අන්තර්ජාලය හරහා පැතිර යාමේ අවදානම වැඩි බවද සඳහන් කරයි.

එනිසා එවැනි ලින්ක් හරහා ව්‍යාජ වෙබ් අඩවි වෙත යොමු කරමින් පරිශීලකයින්ගේ පෞද්ගලික තොරතුරු සහ වැදගත් දත්ත සොරා ගැනීමේ අවදානම පවතින බවද එම සංසදයේ ජ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුනුපොල සඳහන් කරයි.

වෙසක් සහ පොසොන් උත්සව සමයන් සමඟ “පොසොන් මහා ඩේටා දන්සල” වැනි විවිධ නාමයන් යටතේ පරිශීලකයින්ගේ පුද්ගලික තොරතුරු ලබා ගැනීමට උත්සාහ කරන වංචා ක්‍රියා සිදුවිය හැකි බවද එම සංසදයේ ජ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුනුපොල සඳහන් කරයි.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments