අමෙරිකානු හමුදා ගුවන් යානයක් කඩා වැටෙයි.. වගකීම ඉරාක සන්නද්ධ කණ්ඩායමකට.!

අමෙරිකාව විසින් ඉරානයට එරෙහි යුද්ධයේ මෙහෙයුම් සඳහා යොදාගත් අමෙරිකානු හමුදාවට අයත් ගුවන් යානයක් ඉරාකයේදී කඩා වැටී ඇති බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා සඳහන් කරයි.

‘Boeing KC-135 Stratotanker’ වර්ගයේ ඉන්ධන පිරවුම් ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර “එපික් ෆියුරි” මෙහෙයුම අතරතුර මිත්‍රශීලී ගුවන් අවකාශයේදී මෙම අනතුර සිදුව ඇත.

අමෙරිකානු හමුදාවට අයත් ‘Boeing KC-135 Stratotanker’ යානය ඉරාකය තුළදී අනතුරට ලක්වීමේ සිදුවීමේ වගකීම ඉරානයට හිතවත් ඉරාක සන්නද්ධ කණ්ඩායමක් විසින් බාරගෙන ඇත.

කෙසේ වෙතත් මෙම අනතුර සතුරු ප්‍රහාරයක් හෝ තම හමුදා වෙතින් එල්ල වූ ප්‍රහාරයක් නොවන බවත් ඉන්ධන පිරවීමේදී ඇති වූ සිදුවීමක් බව අමෙරිකානු හමුදාව සඳහන් කරයි.

බටහිර ඉරාකයේ සිදුවූ මෙම අනතුරෙන් පසුව ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා සඳහන් කරයි.

කඩාවැටුණු ‘Boeing KC-135 Stratotanker’ යානයේ අවම වශයෙන් කායර් මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු සිටි බව වාර්තා වේ.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments