By Reporter.lk on (LK time)
පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා සිටින ඉරාන ජාතික පාපන්දු කණ්ඩායම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මතභේදාත්මක ප්‍රකාශයක් සිදුකර ඇත.
අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල සත්කාරකත්වයෙන් මෙවර පාපන්දු ලෝක කුසලානය ජුනි මස (11) වනදා දින ආරම්භ වීමට නියමිතය.
මෙවර ලෝක කුසලානයට සහභාගී වීමට නියමිත ඉරාන පාපන්දු කණ්ඩායම සිය රටට සාදරයෙන් පිළිගන්නා නමුත් ඔවුන් තරග කිරීම සුදුසු යැයි තමා විශ්වාස නොකරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
සිය Truth Social හි සටහනක් තබමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ,
“ඉරාන ජාතික පාපන්දු කණ්ඩායම ලෝක කුසලානයට සාදරයෙන් පිළිගන්නවා. නමුත් ඔවුන්ගේ ජීවිතය සහ ආරක්ෂාව සඳහා ඔවුන් එහි සිටීම සුදුසු යැයි මම විශ්වාස කරන්නේ නෑ”





