අමෙරිකාවේ දැවැන්ත නෞකාවක හදිසි ගින්නක්.!

ඉරානයට එරෙහි යුද්ධයේ රතු මුහුදේ ක්‍රියාත්මක වන අමෙරිකානු USS Gerald R. Ford (CVN 78) ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ හදිසි ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ගින්න සටන් ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් නොවන බවත් එම ගින්න පාලනය කිරීමට කටයුතු කළ බවද අමෙරිකානු මධ්‍යම හමුදා අධිකාරිය (U.S. Central Command) සඳහන් කරයි.

මෙම ගින්නෙන් නෞකාවේ එන්ජින් ක්‍රියාකාරිත්වයට හෝ ප්‍රචාලන පද්ධතියට කිසිදු හානියක් සිදුවී නොමැති බවත් එම ගින්නෙන් නෞකාවේ නාවිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments