අයිස් සහ හෙරොයින් තොගයේ දළ වටිනාකම රුපියල් බිලියන 10ක්.!

ශ්‍රී ලංකාවට දකුණු වෙරළට ඔබ්බෙන් ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන දික්ඕවිට වරායට රැගෙන එන ලද අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ දළ වටිනාකම රුපියල් බිලියන 10ක් බවට ඇස්තමේන්තු කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කරයි.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කළේ,

“මේ ඔබ දකින්නේ ඉතාම හොඳන් සැලසුම් කරන ලද සහ දින ගණනාවක් මුහුදේ ආවේක්ෂණ කටයුතු කරන ලද මෙහෙයුමක ප්‍රතිඵල. ඒක එක රැයකින් කරපු දෙයක් නෙමෙයි. දේශීය මෙන්ම විදේශීය ආයතනවල සහාය ඇතුව කරපු දෙයක්. මත්ද්‍රව්‍ය, ගිනිඅවි, චන්ද්‍රිකා දුරකථන සහිත ධීවර යාත්‍රා 2ක්. මේකේ අරමුණ මොකක්ද කියලා අපිට හිතා ගන්න පුළුවන්.”

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ තොගය අද (12) නාවික හමුදාව විසින් දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් ඇත.

එම යාත්‍රාවේ තිබී පිස්තෝල ගිනිඅවි 8ක්, ඒවාට යොදන මැගසින්, T56 ගිනිඅවි 2ක් සහ M16 වර්ගයේ ගිනිඅවියක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments