By Reporter.lk on (LK time)
මෙම මාසය තුළ මෙට්‍රික් ටොන් 35000ත් 40000ත් අතර ඉන්ධන රැගත් නෞකා 4ක් මෙරටට පැමිණීමට නියමිත බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ඒ.රාජකරුණා සඳහන් කරයි.
එම නෞකා මෙම මාසයේ 14 – 15 දිනවලදී, 17 – 18 දිනවලදී 21 – 22 සහ 29 – 30 අතර දිනවලදී මෙරටට පැමිණීමට නියමිත බවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ඒ.රාජකරුණා සඳහන් කරයි.
පළමු නෞකා තුනේ පෙට්‍රල් හා ඩීසල් යන ඉන්ධන දෙවර්ගයම අඩංගු අතර අවසන් නෞකාවේ ඩීසල් පමණක් රැගෙන එන බවද සංස්ථාවේ සභාපති ඩී.ඒ.රාජකරුණා සඳහන් කරයි.
අප්‍රේල් මස අග දක්වා අවශ්‍ය ඉන්ධන තොග ඇනවුම් කර ඇති බවත් එම ඉන්ධන තොග, ගොඩබෑමේදී මිල ගණන් අනුව ලබා ගන්නා බවද සභාපති ඩී.ඒ.රාජකරුණා සඳහන් කරයි.
අදාළ ඉන්ධන රැගත් සියලුම නෞකා ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් පැමිණීමට නියමිතය.





