By Reporter.lk on (LK time)
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් සිය භාරයට ගත් බහුදින ධීවර යාත්‍රා දෙක අද (12) දික්ඕවිට වරාය වෙත රැගෙනවිත් ඇත.
මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි ප්‍රවාහනය කරමින් තිබියදී දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් මෙම බහුදින ධීවර යාත්‍රා දෙකෙහි සිටි සැකකරුවන් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන ඇත.
එක් බහුදින ධීවර යාත්‍රාවක තිබි මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර එම තොගයේ බර කිලෝග්‍රෑම් 600කට අධික බව වාර්තා වේ.
එමෙන්ම එම යාත්‍රාවේම තිබී පිස්තෝල ගිනිඅවි 8ක්, ඒවාට යොදන මැගසින්, T56 ගිනිඅවි 2ක් සහ M16 වර්ගයේ ගිනිඅවියක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
නාවික හමුදා භාරයට ගත් අනෙක් බහුදින ධීවර යාත්‍රාව මෙම යාත්‍රාවට සහාය සඳහා ඔත්තු බැලීමට පැමිණ ඇති බවට සැක පළ කෙරෙයි.
නාවික හමුදා දිගු දුර නෞකා යොදාගෙන දිවයිනට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී පසුගියදා සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකටයුතු ධීවර යාත්‍රා හඳුනාගෙන ඇත.





