ලංකාව අසල ගිල්වා දැමූ ඉරාන යුද නෞකාව.. “එය විනෝදජනකයි” ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්.!

ශ්‍රී ලංකාව අසල ජාත්‍යන්තර මුහුදේදී ඉරාන යුද නෞකාවක් ගිල්වා දැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ ඉරාන නෞකාව අත්පත් කර ගන්නවා වෙනුවට එය විනාශ කළේ මන්දැයි තමන් හමුදා නිලධාරීන්ගෙන් විමසූ බව කෙන්ටකි ප්‍රාන්තයේ පැවැති රැලියකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත.

“මම ඇහුවා ඇයි අපි ඔවුන්ව ඝාතනය කළේ කියලා. ඇයි අපිට බැරි වුණේ ඔවුන්ව අත්අඩංගුවට ගෙන අපේ නාවික හමුදාවට යොදාගන්න.?”

නෞකාව අත්පත් කර ගැනීමට වඩා එය ගිල්වා දැමීම යෝග්‍ය බව ජෙනරාල්වරයෙකු තමන්ට පැවසූ බවත් ඔහු එය හැඳින්වූයේ “සර්, එය වඩාත් විනෝදජනකයි” යනුවෙන් බවද ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර ඇත.

1 Comment
Most Voted
Newest Oldest