ඉරාකයේ අල්-ෆවු (al-Faw) වරාය ආසන්න මුහුදු සීමාවේදී විදේශීය තෙල් නැව් දෙකක් ගිනිබත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාරය සඳහා ඉරානයට සම්බන්ධ පුපුරණ ද්‍රව්‍ය රැගත් කුඩා බෝට්ටු යොදාගෙන ඇති බව සිදුකරන ලද මූලික පරීක්ෂණ වලින් හෙළිවී ඇත.
අදාළ නැව්වල සිටි සේවකයින් 25 දෙනෙකු ඉවත් කිරීමට බලධාරීන් සමත්ව ඇති අතර එක් සේවකයෙකු මියගොස් ඇති බවද වාර්තා වේ.
