By Reporter.lk on (LK time)
ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයට ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් හතර දෙනෙකු තුවාල ලබා ඇත.
තුවාල ලැබූවන් අතර ඉන්දීය ජාතිකයෙක්, ඝානා ජාතිකයන් දෙදෙනෙක් සහ බංග්ලාදේශ ජාතිකයෙකු වන බව ඩුබායි රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ නමුත් ගුවන්තොටුපළේ මෙහෙයුම් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව ඩුබායි රජය සඳහන් කළ අතර ගුවන්තොටුපළට සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් නිශ්චිතව තොරතුරු වාර්තා වී නැත.
ලොව කාර්යබහුලම ගුවන්තොටුපළ වන ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළට දින පහක් තුළ ඉරාන ඩ්‍රෝන යානා ළඟා වීමට සමත් වූ දෙවන අවස්ථාව මෙය වේ.





