By Reporter.lk on (LK time)
සංවිධානාත්මක පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිටියදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.
ඒ අනුව පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ් ඝාතනය වූ දින ඔහුව මාලිගාවත්තට රැගෙන ගිය නිලධාරීන්ගෙන් ඉදිරියේදී ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට ඉල්ලා මධුෂ්ගේ සහෝදරයෙකු විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉල්ලීමක් කර තිබුණ අතර අනතුරුව ඒ සම්බන්ධ විමර්ශන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර ඇත.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව කොළඹ අධිකරණය වෛද්‍ය නිලධාරියාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට සහ මාධ්‍ය ආයතන වලින් අදාළ ඝාතනය සම්බන්ධයෙන් වන දර්ශන ලබාගැනීමට නියෝගයක් ලබාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
පසුගිය 2020 වසරේ ඔක්තෝබර් (20) වැනිදා පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් මාලිගාවත්ත ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කළේය.





