By Reporter.lk on (LK time)
ඉරාන නාවික හමුදාවට අයත් නෞකා සහ යාත්‍රා 16ක් විනාශ කළ බව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය නිවේදනය කර ඇත.
හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී එම ඉරාන නාවික හමුදාවේ නෞකා සහ යාත්‍රා 16ක් විනාශ කළ බව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය සඳහන් කරයි.
ලෝකයේ ප්‍රධානතම තෙල් සැපයුමෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන බලශක්ති මර්මස්ථානයක් වන හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉරානය යුද නෞකා ඇති බවට ලද බුද්ධි තොරතුරු අනුව මෙම ප්‍රහාරය එල්ල කර ඇත.





