ගෝඨාභය නැවතත් අල්ලස් කොමිසමට කැඳවයි.!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළඹෙන (17) වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවත්වා ගෙන යනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට නැවත දැනුම් දී ඇත.

මීට පෙර දිනයක ගෝඨාභය රාජපක්ෂට එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණද එදිනට පැමිණීමට නොහැකි බවට ලිඛිතව කොමිසමට දැනුම් දී තිබුණේය.

එනිසා ප්‍රකාශයක් ලබාදීමට වෙනත් දිනයක් ලබාදෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ එම ලිපිය යොමු කරමින් කොමිසමෙන් ඉල්ලීමක් කළේය.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments