By Reporter.lk on (LK time)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න දාව තම දරුවා ඉපදුණු බවට සහ දරුවාගේ පියා ඔහු බවටත් ප්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගුවන් නියමුවරියක් කොළඹ දිසා අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ඊයේ (10) දින සලකා බැලුවේය.
ආර්යන් කරුණාරත්න නමැති තම බාල වයස්කාර දරුවා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට දාව 2025 වසරේ සැප්තැම්බර් මස (29) වනදා ඉපදුණු බව පෙත්සම්කාර සෙව්වන්දි සේනාධීර සඳහන් කර ඇත.
පසුගිය 2023 වසරේ හෝ ඊට ආසන්න කාලයක ක්‍රීඩක චාමික කරුණාරත්න තමා සමග සමීප සම්බන්ධතා පැවැත්වූ අතර ලිංගික සම්බන්ධතා සඳහා පොලඹවා ගත් බවත් ඇය පෙත්සමේ සඳහන් කර ඇත.
අනතුරුව තමා ගැබ් ගැනීමෙන් පසුව චාමර කරුණාරත්න තමන් මග හැරීමට උත්සාහ කළ අතර දරුවාගේ පීතෘභාවය භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බැවින් අදාළ දරුවා ගේ පියා චාමික කරුණාරත්න බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙස ඇය කොළඹ දිසා අධිකරණයෙන් ඉල්ලා ඇත.
දරුවාගේ පියා චාමික කරුණාරත්න බවට සඳහන් කරමින් උප්පැන්න සහතිකයක් නිකුත් කරන ලෙසට රෙජිස්ට්‍රාර් ජෙනරාල් වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ දරුවා සහ ඔහු DNA පරීක්ෂණයකට භාජනය කිරීමට අවශ්‍ය නියෝගයක් නිකුත් කරන ලෙසටත් ඇය අධිකරණයෙන් ඉල්ලා ඇත.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න, ඔහුට දාව උපන් බව කියන දරුවා සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල් ඇතුළු පිරිසක් නම් කර ඇත.
අනතුරුව පෙත්සම සලකා බැලූ කොළඹ දිසා අධිකරණය මෙම නඩුව මාර්තු මස (31) වැනිදා යළි කැඳවන ලෙසත් වග උත්තරකරුවන්ට නොතීසි යවන ලෙසද නියෝග කර ඇත.





