By Reporter.lk on (LK time)
කාන්තාවන් විසින් පවුල වෙනුවෙන් සිදු කරනු ලබන, එහෙත් බොහෝ විට ඇගයීමට ලක් නොවන වැටුප් නොලබන ගෘහස්ථ කාර්යයන් පවුලට මෙන්ම ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු (ADB) මූලස්ථානයේ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළෙලේ ප්‍රධාන දේශනය පවත්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.
කාන්තා නායකත්වය සහ සවිබල ගැන්වීමට සිදුකරන ලද සුවිශේෂී කැපවීම අගයමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට පිලිපීනයේ මැනිලා නුවරදී “ෂීරන් ලටීෆ් කාන්තා නායකත්ව සම්මානය” (Shireen Lateef Women’s Leadership Award) පිරිනැමීය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට සඳහන් කළේ,
“කාන්තාවන් විසින් සිදු කරන ගෙදරදොර පවුලේ කාර්යයන් වෙනුවෙන් බොහෝවිට නිසි වටිනාකමක් ලැබෙන්නේ නැහැ. නමුත් එම කාර්යයන් පවුල, සමාජය සහ ජාතික ආර්ථිකයට ද විශාල දායකත්වයක් ලබාදෙනවා. ඒ නිසා කාන්තාවන් පූර්ණ වශයෙන් ආර්ථික කටයුතු සඳහා දායක කරගත හැකි, කාන්තාවන්ට හිතකර ප්‍රතිපත්ති සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් ඇතිකිරීම අත්‍යවශ්‍යයි.”





