By Reporter.lk on (LK time)
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබෙන බවට සැක පිට නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව තුළ මත්ද්‍රව්‍ය කිලෝ 600කට අධික ප්‍රමාණයක් තිබී සොයාගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.
එම බහුදින ධීවරය යාත්‍රාව ඉදිරි දින දෙක තුළ ගොඩබිමට රැගෙන ඒමට නියමිත බවත් එම යාත්‍රාව තුළ සැලකිය යුතු ආයුධ ප්‍රමාණයක් තිබී ආරක්ෂක අංශ භාරයට ගත් බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.





