යළි ඉපදෙන ආසියාවේ උසම ඇතා නැදුන්.!

වසර 16කට අධික කාලයක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සිරි දළදා කරඬුව වැඩම කරවූ නැදුන්ගමුව විජය රාජා හස්තියාගේ පිළිරුව අද (10) දින කොළඹ ජාතික කොතුකාගාරයේදී නිරාවණය කළේය.

2022 මාර්තු (07) වනදා සඳහටම දෑස් පියාගත් ආසියාවේ උසම ඇතා වන නැදුන්ගමුවේ විජය රාජා, ජාතික කෞතුක වස්තුවක් ලෙස ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වගකීම එම හස්තියාගේ හිමිකරු වූ වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජයගේ දැනුම්දීම මත ශ්‍රී දළදා මාලිගාව සහ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව භාර ගැනුණා. 

නැදුන්ගමුවේ විජය රාජා සමුගෙන වසර 04 ක් ගත වූ තැන ජාතික කෞතුකාගාරයේදී අද (10) දින විවෘත වන්නේ මතු පරම්පරා ගණනාවකට ඒ සද්ධන්ත ඇත් ස්වරූපය දැක බලාගැනීමට ඉඩ සලස්වමින්.

ඒ අනුව උතුම් දළදා වහන්සේ වැඩම කරවූ නැඳුන්ගමුවේ රාජාගේ ප්‍රතිනිර්මාණය හෙට (11) සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments