By Reporter.lk on (LK time)
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස හිටපු දකුණු අප්රිකානු ක්රීඩක සහ පුහුණුකරු ගැරි කර්ස්ටන් පත් කර ඇත.
මෙම පත්කිරීම ලබන මස (15) වැනිදා සිට බලාත්මක වන අතර ඔහු වසර දෙකක කාලයක් එම ධුරයේ කටයුතු කරයි.
ඔහු ඉන්දීය කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස 2008 සිට 2011 දක්වා කටයුතු කළ අතර ඉන්දියානු කණ්ඩායම 2011 වසරේදී එක්දින ලෝක කුසලානය ජයග්රහණය කිරීමට සමත් විය.





