අත්අඩංගුවට ගත් සජින් වාස්ට දුන් නියෝගය.!

රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධි වත්කම් ඉපැයීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගත්තේය.

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු (24) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.