By Reporter.lk on (LK time)
පසුගියදා ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනිගේ දෙවැනි පුත්‍රයා වන මොජ්ටාබා කමේනි ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත්කරගත් බව ඉරාන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර ඇත.
අධිකරණයේ සහ ආරක්ෂක හමුදාවේ බලය හිමි, ඉරාන පාලන තන්ත්‍රයේ ඉහළම තනතුර ලෙස, “උත්තරීතර නායකයා” සැලකේ.
1969 සැප්තැම්බර් (08) වැනි දින ඊසානදිග මෂාඩ් නගරයේ උපත ලබා ඇති මොජ්ටාබා කමේනි දරුවන් හය දෙනාගෙන් දෙවැන්නා වේ.
56 හැවිරිදි මොජ්ටාබා හමනේයි, 1980 දශකයේ ඉරාක ඉරාන යුද්ධයේදී, ඉරාන හමුදාව වෙනුවෙන් සටන් කළ අයෙකි.
කෙසේ නමුත් ඔහු කිසිදු අවස්ථාවක මහජන ඡන්දයක් සඳහා පෙනී සිට නොමැති අතර ප්‍රසිද්ධ දේශනා පැවැත්වීමෙන්ද වැළකී සිටි අයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දශක තුනකට අධික කාලයක් ඉරානය පාලනය කළ අයතුල්ලා අලි කමේනිගෙන් පසුව ඔහුගේ පුතා වන මොජ්ටාබා කමේනි මින් ඉදිරියට ඉරානය පාලනය කරයි.





