යුද්ධය වහාම නතර කරන්න.. සාමයට ඉඩ දෙන්න.!

මේ වනවිට ඉරානයේ පවතින යුද්ධය වහාම නතර කරන ලෙසත් මෙම ගැටුම හේතුවෙන් ලෙබනනය ඇතුළු සමස්ත මැදපෙරදිග කලාපයම අස්ථාවර විය හැකි බව 14 වන ලියෝ පාප් වහන්සේ පවසයි.

ඉරානයෙන් සහ මැදපෙරදිග කලාපයෙන් ලැබෙන පුවත් තමන් තුළ දැඩි කම්පනයක් ඇති කර ඇති බව Angelus යාඥාවෙන් පසුව බැතිමතුන් අමතමින් උන්වහන්සේ පවසයි.

ප්‍රචණ්ඩත්වය තවදුරටත් වර්ධනය වීමට පෙර එය නතර කිරීමේ සදාචාරාත්මක වගකීම සියලු පාර්ශවයන් සතු බවද පාප් වහන්සේ අවධාරණය කර ඇත.

“වෛරය සහ බිය රජයන මෙවන් වටපිටාවක, මෙම ගැටුම තවදුරටත් ව්‍යාප්ත වී ලෙබනනය වැනි රටවල් යළිත් අස්ථාවරත්වයට පත්වනු ඇතැයි යන බියක් පවතිනවා,” 

“බෝම්බ වල බයංකාර හඬ නතර වේවා, අවි ආයුධ නිහඬ වේවා, ජනතාවගේ හඬට සවන් දිය හැකි සාකච්ඡාමය වාතාවරණයක් උදා වේවා කියා මම යාඥා කරනවා.”

3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments