ඉරාන වැසියන් නිවෙස් තුළට වී සිටින්න.. අමෙරිකාව අනතුරු අඟවයි.!

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් ඉරානයේ වෙසෙන සිවිල් වැසියන්ට තම නිවෙස් තුළම රැඳී සිටින ලෙසට අනතුරු අඟවමින් නිවේදනයක් නිකුත් කර ඇත.

අමෙරිකාවේ මධ්‍යම අණදෙන මූලස්ථානය ‘CENTCOM’ නිවේදනයක් නිකුත් කරමින් මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.

ඉරාන හමුදා විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීම සඳහා එරට ජනාකීර්ණ ප්‍රදේශ භාවිතා කරන බවත් ඉරාන රජයේ මෙම තීරණය එරට සිවිල් වැසියන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක් කරන බවද ඔවුන් සඳහන් කරයි.

අමෙරිකාවේ මධ්‍යම අණදෙන මූලස්ථානයේ අණදෙන නිලධාරී අද්මිරාරල් බ්‍රැඩ් කූපර් සඳහන් කළේ,

“ඉරානයේ ත්‍රස්තවාදී පාලන තන්ත්‍රය තමන්ගේම ජනතාවගේ ආරක්ෂාව අනතුරේ හෙළමින්, ගල්ෆ් කලාපයේ රටවලට ප්‍රහාර එල්ල කිරීම හරහා සිවිල් ජීවිත නොසලකා හරිමින් කටයුතු කරනවා.”

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments