By Reporter.lk on (LK time)
අද (08) දිනයේ උදෑසන සිට ගල්ෆ් කලාපය පුරා රටවලට එල්ලකරන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර ඉරානය විසින් වැඩි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඉන්ධන ගබඩාවක් ඉලක්ක කර ඩ්‍රෝන යානා රැසක් එල්ල කළ බවත් එම ප්‍රහාර ව්‍යාර්ථ කිරීමට සමත් වු බව කුවේටය සඳහන් කරයි.
එහෙත් මහල් 22කින් යුත් එරට සමාජ ආරක්ෂණය සඳහා වූ මහජන ආයතනයේ ගොඩනැගිල්ලට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර අද අලුයම ඩ්‍රෝන ප්‍රහාර වලට මුහුණ දුන් බවත් අවම වශයෙන් ඩ්‍රෝන යානා 21ක් විනාශ කළ බවද සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.





