By Reporter.lk on (LK time)
අද (07) සහ හෙට (08) දිනවල රාත්‍රී 11.59 දක්වා ගුවන් ගමන් කිහිපයක් අත්හිටුවීමට ශ්‍රීලන්කන් ගුවන් සමාගම පියවර ගෙන ඇත.
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් කටුනායක සිට ඩුබායි, රියාද්, දෝහා, ඩම්මාම් යන ගමනාන්ත සඳහා වූ ගමන්වාර කිහිපයක් අත්හිටුවා ඇත.
මගීන්ට තම ගුවන් ගමන් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු www.srilankan.com වෙබ් අඩවිය පරීක්ෂා කර ලබාගත හැකි බවද ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහන් කරයි.
මෙරට සිටින මගීන්ට 1979 විමසීමෙන් හා වෙනත් රටක සිට විමසන්නේනම් 0094 11 777 1979 අංකය ඔස්සේ තොරතුරු ලබාගත හැකි බවද ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහන් කරයි.
තවද ළඟම ඇති ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ කාර්යාලයෙන් හෝ ටිකට්පත ලබාගත් ගමන් නියෝජිතයා සම්බන්ධ කරගන්නා ලෙසද ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහන් කරයි.





